ජනපතිට විබුධ ජන ප්‍රසාදක සම්මානය! ජනපතිටත් එපා වූ 19 වෙනි සංශෝධනය උපාධි ප්‍රදානයට හේතු පාඨයයි! (video)

August 30, 2019 at 9:31 am | by emanisa.lk

ජනපති මෛත්‍රීපාල සිරිසේන විබුධ ජන ප‍්‍රසාදක සම්මාන උපාධියෙන් පිදුම් ලබා තිබේ.

ඒ ඊයේ (29) කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැති ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප‍්‍රාචීන පණ්ඩිත උපාධි ප‍්‍රදානෝත්සවයේදීය.

මෙම සම්මාන ප්‍රදානය සඳහා හේතු පාඨ ප්‍රකාශයට පත්කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද හිමි සඳහන් කළේ දින 100 ආණ්ඩුව සමයේ සිය විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා දීම සහ කොමිසන් සභා ස්ථාපිත කිරීම ද මෙම සම්මාන ප්‍රදානයට හේතු වූ බවය.

කෙසේ වුවද මෙම දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතුළත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මෙයට පෙර මහා පුණ්‍ය කර්මයක් ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා මෑතක ප්‍රකාශ කළේ NGOකාරයන් පිරිසක් තමන් ද රවටා බිහි කළ එම ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස