සජිත් දන්නේ ගෙවල් හදන මේසන් බාස්ගේ වැඩේ විතරයි! රනිල් ඒක දන්න නිසා තමයි අපේක්ෂකත්වය දෙන්න බෑ කිව්වේ! – ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න

October 9, 2019 at 8:50 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණු දා සිට සජිත් ප්‍රේමදාස කකුල කටේ දාගත් අයකු සේ බොළඳ කතා පවසමින් කටයුතු කරන බවත් මෙවැනි දැක්මක් නැති නායකයකුට රට ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත් ඵක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහුට එජාපයේ අපේක්ෂකත්වය ලබා දුන් බවත් ඵක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවකට ඵක්වෙමිනි.

ඵක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්නගේ සංවිධායකත්වයෙන් මෙම ජනහමුව පැල්මඩුල්ල ගොඩගම දී පොදුජන පෙරමුණ කාර්යාලයේ දී පෙරේදා (06) සවස පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා පැවසුවේ මේ දිනවල සජිත් නොයෙක් දේ ප‍්‍රකාශ කරමින් රට වටේ යනවා නිවාස හැදීම පිළිබඳ පමණක් පාර්ලිමේන්තුවේ කතා කළ සජිත්ට රටේ වෙන කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නෑ රටේ නායකයා වෙන්න තරග කරන අපේක්ෂකයා රටේ සෑම ක්‍ෂෙත‍්‍රයක් පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙන්න ඕන.

දැන් ඡනතාව අතරට ඇවිල්ල කියනව මම ජනතාව සමග පාරේ ඇවිදින්න වුණත් සුදානම් කියල මම මේ ඇඳුමෙන්ම ජනතාව ළඟට ඵනව කියලත් කියනව. මේ සියලල්ම මම කියන්නෙ මගෙ ශ‍්‍රී මුඛයෙන් බවත් කියමින් බොළඳ කතා පවසන මේ තත්ත්වය රනිල් අවබෝධ කරගත් නිසා අපේක්ෂවත්වය නොදී සිටීමට කටයුතු කළා.

නමුත් ඵක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා නැවත අපේක්ෂකත්වය ලබා දුන්න අපේක්ෂකත්වය දුන්නට රනිල් දන්නව සජිත්ට මේ කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නෑ කියල. සෑම අතින්ම විනාශ වුණු රට හදන්න නිවැරදි දැක්මක් ඇති නායකයෙක් රටේ ජනතාව ඉල්ලන්නෙ ඵවැනි බුද්ධියක් ඇති ඵකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවට අද පත්වෙලා ඉවරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස