සජිත් ජනපති වී බෙදුම්වාදීන්ට දෙන්න ගිවිසගත් භයානක පොරොන්දු මෙන්න! – සජිත් රහස් ගිවිසුම් නෑ කියද්දි විග්නේශ්වරන් සියල්ල හෙළි කරයි….

January 1, 2020 at 11:36 am | by emanisa.lk

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, සිරබාරයේ සිටින සියලුම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම ඇතුළු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසි මාලාව මෙවර මහමැතිවරණයේ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් පවසයි.

දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති තම ප‍්‍රතිපතත්ති සමඟ එකඟ වන පාර්ශව හා සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් විග්නේෂ්වරන් පැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී දෙමළ සන්ධානය මෙන්ම විග්නේශ්වරන් ද සජිත් ප්‍රේමදාසට සහාය ලබා දුන් අතර සජිත් ප්‍රේමදාස පුනපුනා කීවේ කිසිදු කොන්දේසියකට තමා එකඟ නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස