බෞද්ධයන් නඟා සිටුවන්න අපි තරම් කවුරුවත් වැඩ කළේ නෑ! නමුත් අකරතැබ්බය සිදු වී ඇත්තේ අපටමයි! – අකිල

October 8, 2019 at 5:13 pm | by emanisa.lk

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.

අමා‍ත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙනි.

නියම බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේගේ දර්ශනයට අනුව හැසිරිය යුතු බවත් විපක්ෂයේ සමහරුන් පසුගිය කාලයේ හැසිරුණේ බෞද්ධ දර්ශන අනුව නොවන බවත් ඔවුන් මිනීමැරුම් ගසා කෑම් සිදු කරමින් සුදු වෑන් සංස්කෘතියක් ද ක්‍රියාත්මක කළ බවත් ඇමතිවරයා පැවසීය.

“බෞද්ධයින් හා බෞද්ධ දර්ශනය නඟා සිටුවීමට වත්මන් ආණ්ඩුව තරම් ක්‍රියා කළ තවත් ආණ්ඩුවක් නැහැ.

අපි ගැන කුමන විවේචන කළත් සුදුවෑන්වලින් මිනිස්සු උස්සලත් නැහැ, වෙඩි තියලත් නැහැ, මරලත් නැහැ, එසේ වුවත් සමහර විට අකරතැබ්බ සිදුවී ඇත්තේ ද අපිටම තමයි. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස