පොළොන්නරුවේ පන්සල් ඇමති මංගලට තහනම්!

May 22, 2019 at 7:45 pm | by admin

මුදල් අමාත්‍ය මංගල සමරවීරට පොළොන්නරුවේ විහාරස්ථානවලට පිවිසීම තහනම් බවත් කිසියම් විහාරස්ථානයක දායක සභාවක් ඇමතිවරයා ගෙන්වා ගැනීමට කටයුතු කළහොත් එම විහාරස්ථානය සමග සිදුකරන සියලු ආගමික කටයුතු නතර කර දමන බවත් පුලතිසි පැවිදි හඬ සංවිධානය පවසයි.

එම සංවිධානයේ පූජ්‍ය කන්දේගම දීපවංශාලංකාර හිමියන් වැඩි දුරටත් සඳහන් කළේ මංගල සමරවීර යනු ඉතිහාසය පුරා චීවරය සමග සෙල්ලම් කළ දේශපාකයකු බවත් මාතර පළාතින් ද මොහු ප්‍රතික්ෂේප කරන ලෙස භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත්ය.

පසුගියදා ඇමති මංගල සමරවිර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවය. එයට කාදිනල්තුමාගේ පවා විරෝධය ප්‍රකාශ විය. ඊට පසු ඔහු නැවත ප්‍රකාශ කළේ චීවරධාරීන් බෞද්ධ දර්ශනය ආගමක් කරගෙන විකුණගෙන කෑමට සැරසෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස