චීවරධාරීන් බෞද්ධ දර්ශනය ආගමක් කරලා විකුණගෙන කන්න හදනවා! – ඇමති මංගල සමරවීර

May 22, 2019 at 6:34 pm | by admin

මේ රටේ වෙසෙන මුස්ලිම්වරු 99.9%ක් ජාතිවාදීහු නොවන බවත් ඊට කදිම නිදසුන නම් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මුස්ලිම් ජනතාව දැක්වූ සහයෝගය බවත් ඇමති මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අපට මුස්ලිම් ජනතාවගේ විලාසිතා මෙසේ විය යුතුයි කියල තීරණය කිරීමට අයිතියක් නැති බවත් මේ ආකාරයට පමණක් ඇඳිය යුතු යැයි ප්‍රකාශ කිරීමට අපට අයිතියක් නැති බවත් ඇමතිවරයා පවසයි.

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාන්තා විදුහලක විදුහල්පතිනියක් මුස්ලිම් ගුරුවරියන් පිරිසකට සාරිවලින් සැරසී සේවයට පැමිණෙන ලෙස දන්වා ඇති බව පැවසූ ඇමතිවරයා පැවසූයේ අප කළ යුත්තේ ඔවුන්ගේ ඇඳුමට ගරු කිරීම බවයි.

බෞද්ධ ආගමක් කියන නිර්වචනයට තාමා විරුද්ධ බවත් එය දර්ශනයක් බවත් එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දර්ශනයක් නොව දිව්‍ය ලෝකයට මෙන්ම අපාය ද අයිති එකක් බවත් පැවසීය.

එහෙත් ඇතැම් චීවරධාරීන් මෙම දර්ශනය ආගමක් බවට පත් කර ගනිමින් එය විකුණාගෙන කෑමට උත්සහ දරමින් සිටිති.” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස