මංගල රාජිත චතුර තුන් කට්ටුවට ගම්පහ පන්සල් තහනම්! (video)

June 5, 2019 at 12:43 pm | by emanisa.lk

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල උත්සව ආදීයට සහභාගීවිම තහනම් කිරෙීමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ ඒකමතිකව තීරණය කර තිබේ.

චීවරධාරී රතන හිමි ආදී වශයෙන් භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මේ සඳහා හේතු වී තිබේ.

ඊයේ (04) රාත්‍රි රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණයට එළඹි බව ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තෝරපිටියේ ආනන්ද හිමි සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට පොදු එක් නීතියක් ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනාවක් ද එහිදී සම්මත වී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස