සිවුරු පෙරවූ මුස්ලිම් තරුණයකු චීවරධාරීන් දෙදෙනෙකු වෙසක් පෝය කටේ සමග අත්අඩංගුවට! ජනතාව නොසන්සුන් වේ යැයි රටටම සඟවලා!

May 20, 2019 at 2:07 pm | by admin

16 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ හිස මුඩුකර සිවුරක් අන්දා යාපනය රාත්‍රී දුම්රියේ අනුරාධපුරය බලා රැගෙන යමින් සිටි චීවරධාරීන් දෙදෙනෙකු පසුගිය 14 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් වෙසක් පොහෝ දින ආසන්නයේ සිදු වූ මෙම සිද්ධිය නිසා ජනතාව බියට පත්වේයැයි එය ජනතාවගෙන් වසන් කර තිබේ.

මෙම තිදෙනා පිළිබඳ සැකසිතුණු දුම්රිය මගීන් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති අතර පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී පොලිසිය පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ ඇමරිකානු ඩොලර් ඇතුළු රු. ලක්ෂයකට අධික මුදලක් තිබී ඇත.

මේ අතරින් වැඩිමහල් චීවරධාරියා රාජ්‍ය නොවන සංවිධානයක් ද පවත්වා ගෙන යන බව හෙළි වී ඇති අතර කතරගම ප්‍රදේශයේ පන්සලක විහාරාධිපති ධුරය දැරූ අයකු වන අතර එහි ඇති වූ ගැටුමක් නිසා ප්‍රදේශයෙන් පන්නා දමා තිබේ. ඔහු අනතුරුව වසරක පමණ කාලයක් රට පුරා සැරසරමින් සිට ඇත.

කොටුව දුම්රියපොළ අසල දී රස්සාවක් සොයා ගෙන කොළඹ පැමිණි මුස්ලිම් තරුණයා ඔවුන්ට හමු වූ බවත් ඔහුට මහණ වීමට අවශ්‍ය යැයි පැවසූ නිසා අසල සැලොන් එකකින් කොණ්ඩය භූ ගා සිවුරක් කඩෙන් මිලට ගෙන පිටකොටුව බෝධිය අසල දී සිවුර පෙරවූ බවත් මොවුන් පොලිසියට පවසා තිබේ.

කෙසේ වුවද මේ තිදෙනා සිදු කළ ප්‍රකාශ එකිනෙකට පරස්පර අතර ඔවුන් වෙසක් සමයේ අනුරාධපුරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කළේ ද යන්න පිළිබඳ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

වෙසක් පොහෝ  දිනයේ තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇතැයි ලැබුණු තොරතුරු නිසා ආරක්ෂක අංශ සහ ජනතාව එක්ව සියලු පන්සල් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දී තිබිණි.

කෙසේ වුවද මෙවැනි අවධානමක් පවතින පසුබිමක කිසිදු බියක් ඇති කර නොගෙන වෙසක් උළෙල සමරන ලෙස ආණ්ඩුව පැවසීම ඉතාම වගකීම් විරහිත ක්‍රියාවකි. වෙසක් පොහොය දින කිසියම් ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය  මහා සිංහල  මුස්ලිම් ගැටුමක් බවට පත්ව ජීවිත දහස් ගණනක් අහිමි වන්නට ඉඩ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස