පාස්කු බෝම්බකරු සහරාන් සමග පාස්කු විනිසුරු හකීම් සාකච්ඡාවක! වීඩියෝව පොලිස් මූලස්ථානයට භාරදෙයි! පොලිසිය ඇමති හකීම්ගේ නොව පැමිණිලිකරුගේ නිවසට පනී! (video)

October 19, 2019 at 7:29 am | by emanisa.lk

මෙරට කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි කිහිපයක් ද කොළඹ සුපිරි හොටෙල් කිහිපයක් ද ඉලක්ක කර පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවූෆ් හකීම් අතර සාකච්ඡාවක් සිදුවන රූප රාමු ඇතුළත් වීඩියෝවක් නිකුත් වී තිබේ.

මෙම වීඩියෝව පොලිස් මූලස්ථානයට භාරදෙමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය පොලිසියෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී සහරාන් සමග සබඳතා පැවැත් වූ ඇමති හකීම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

ඇමති රවුෆ් හකීම් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජිතයකු ලෙස ප්‍රහාරයට සම්බන්ධයෙන් විවිධ පර්ශවවලින් ප්‍රශ්න කරන ආකාරය ද පසුගිය සමයේ දක්නට ලැබිණි.

පොලිස් මූලස්ථානයට ලැබුණු මෙම පැමිණිල්ල අනුව හකීම් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණ ද පොලිසිය වහාම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ මුස්ලිම් මවුලවිවරයාගේ නිවසට කඩාපැන නිවස පරීක්ෂා කර තිබේ. ඇමති රවුෆ් හකීම් මේ වන විට එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස