දෙමළ සන්ධාන බෙදුම්වාදී කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට තබා හිතන්නවත් බෑ! ඒකීය රාජ්‍යයට එකඟ උතුරේ නායකයන් සහ ජනතාව ගෝඨා සමගයි! – මහින්ද

October 19, 2019 at 12:51 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කර තිබෙන කොන්දේසි තමා මාධ්‍යයෙන් දුටු බවත් ඒවායේ තිබෙන බරපතළකම අනුව එම කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට තබා ඒ ගැන සිතීමටවත් නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඒකීයභාවය නොපිළිගැනීම, ස්වයංතීරණ අයිතිය ලබාදීම, ෆෙඩරල් විසඳුමක් ලබාදීම යන කාරණාවවලට කිසිිසේත්ම එකඟ විය නොහැකි බවත්, උතුරේ පුරාවිද්‍යා ස්ථානවල, මහවැලි ගම්මානවලට සිදු කිරීමට යෝජනා කරන බලපෑම්වලට ද කිසිදු ආකාරයකින් එකඟ විය නොහැකි බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ජාතිවාදී කොන්දේසි උතුරු නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනතාවද ප්‍රතික්ෂේප කරන බවත් මෙම කොන්දේසි ප්‍රතික්ෂේප කරන රටේ ඒකීයභාවය පිළිගන්නා උතුරේ දේශපාලන පක්ෂ රැසක් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ මෙම යෝජනා තමන්ට මේ දක්වා නොලැබුණ බවත් තමන් දන්නේ මාධ්‍යවල පළ වූ කරුණු 13 ගැන පමණක්ම බවත් මහින්ද රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස