මංගල අවමංගල වන වැඩ කරන්න එපා! කළගුණ අමතක කරන්න එපා! – ඇමති මංගලට ආචාර්ය මර්වින්ගෙන් අවවාදයක්…

July 7, 2019 at 1:51 pm | by emanisa.lk

ජනාධිපති තාත්තා වැනි තුට්ටු දෙකේ පොත් නිකුත් නොකරන ලෙසත් නෙල්සන් මැන්ඩෙලාගේ නිදහස්වාදී ගමනක් වැනි වටිනා කෘතියක් නිකුත් කරන ලෙස හිටපු ඇමති ආචාර්ය මර්වින් සිල්වා ඇමති මංල සමරවීරගේ නවතම කෘතිය නිකුත් වීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් ඉල්ලා සිටියි.

දේශපාලනයේ දශක තුනක් නම් එම කෘතිය රුහුණු විශ්වවිද්‍යාලයේ දී අද (07) නිකුත් වීමට නියමිත අතර ප්‍රධාන ආරාධිතයා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ය. ප්‍රධාන දේශනය වික්ටර් අයිවන් විසින් සිදු කරනු ඇත.

එම අවස්ථාවේ මංගල අවමංගල වන ආකාරයේ අනවශ්‍ය කතා නොකරන ලෙසත් එය තමන්ට පාරාවළල්ලක් විය හැකි බවත් මර්වින් සිල්වා පවසයි. එසේම කළගුණ කිසි දිනක අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ඇරයුම් ලබා ඇති අතර මර්වින් සිල්වා එජාප නායක රනිල් හිතවාදියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස