අද හැමෝම හොඳට කාලා බීලා නෝනලා ලස්සනට ඇඳලා පොඩි කාර් එකක් අරගෙන සතුටින් ඉන්නේ අපි නිසා! – රාජිත

October 25, 2019 at 12:21 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව රජයේ සේවකයාගේ මූලික වැටුප රු. 22 0000 සිට 46 000 දක්වා වැඩි කළ බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

අද ඔවුන්ගේ දරුවන් හොඳට කා බී සිටින්නේ ද නෝනලා ලස්සනට අඳින්නේ පළඳින්නේ ද පොඩි ඇල්ටෝ කාර් එකක් අරගෙන සිටින්නේ ද එම මුදල්වලින් බව ඔහු පෙන්වා දෙයි.

ලංකා ඉතිහාසයේ මෙවැනි පඩි වැඩි වීමක් කිසිම අවස්ථාවක සිදු නොවූ බව ඇමතිවරයා අවධාරණය කරයි.

ගාල්ල අක්මීමන පෝද්දල එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවක දී ඔහු මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස