ඊළඟ ඡන්දෙත් දිනලා මට චෝදනා කරන අයට හොඳ පාඩමක් උගන්වනවා! – රාජිත

June 19, 2019 at 2:02 pm | by emanisa.lk

තමන් චීන දුම්වැටි වෙනුවෙන් ඇමති තනතුරු අත්හැරියත් කඳවුර අත් නොහරින බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන දුම්වැටි ආනයනය කිරිමට තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සිටින තුරු ඉඩ ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවල දී කී කරුණු ගැන සඳහන් කරමින් ඔහු මේ බව පැවැසීය.

තමන් දැනට සිටින කඳවුරේ සිට ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවත්, ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන බවත්, එම මැතිවරණ ජයගනිමින් තමන්ට චෝදනා නගන පුද්ගලයින්ට නිසි පාඩමක් උගන්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීම සඳහා අලුත්ගම දර්ගා නගරයේ රජයේ රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස