අනුරාධපුර රෝහලේ කෝටි අටක වියදමින් කණු 04ක් හිටවලා! – GMOA

June 26, 2019 at 5:30 pm | by emanisa.lk

අනුරාධපුර ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය සඳහා කොන්ක්‍රීට් කණු 4 ක් පමණක් ඉදිකිරිම සඳහා වැයකර ඇති රුපියල් කෝටි 8 ක් සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇමැති රාජිත සේනාරත්න විසින් 2017 අගෝස්තු 1 වැනිදා මුල්ගල තබා තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 342 ක් වියදම් වන බවට ඇස්තමේන්තු කර ඇත.

එහෙත් වසර දෙකක් ගතව ඇතත් මෙම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණයේ තවමත් දක්නට ලැබෙන්නේ කොන්ක්‍රීට් කණු 4 ක් පමණි.

මේ සඳහා පමණක් රුපියල් කෝටි 8 ක් වැයකර ඇති බව චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ හමුවක් පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස