ආණ්ඩුවට විරුද්ධව පලමු කැරැල්ල මම ගහනවා! – ඇමති රාජිත

June 17, 2019 at 7:14 am | by emanisa.lk

මුදල් ඇමතිවරයා විසින් චීනයෙන් සිගරට් ගෙන්වන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් එවැන්නක් සිදුවුවහොත් ඊට විරුද්ධව මේ ආණ්ඩුවට විරුද්ධව පළමු කැරැල්ල තමා ගසන බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අවධාරණය කරයි.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ මෙරට ලියාපදිංචි චීන සේවකයන් සිටින්නේ හයදාහසකට ආසන්න ප්‍රමාණයක් බවත් එම පිරිසට චීනයෙන් සිගරට් ගෙන්වීම විහිළුවක් බවත්ය.

මෙම රජයට වසර තුනක් පිටපිට දුම්කොළ විරෝධී සම්මානය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනැමුව බවත් ඒ නිසාම ශ්‍රී ලංකාව දුම්කොළ සටනේ කීර්තිමත් රාජ්‍යක් වශයෙන් ලෝකයම පිළිගෙන ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

යම් හෙයකින් මෙම යෝජනාව රජය හෝ යම් පුද්ගලයකු විසින් ක්‍රියාත්මක කරනු ලබයි නම් එම යෝජනාව ක්‍රියාත්මක කරන දිනයේ පටන් ආණ්ඩුවට විරුද්ධ කැරැල්ල තමන් විසින් ආරම්භ කරනු ලබන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අවධරණය කරනු ලබයි.

මේ අතර බාල ඖෂධ ගෙන්වීම, මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් පෝම්ප කිරීම ආදී හේතු ගණනාවක් පදනම් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇමති රාජිත සේනාරත්න ඇමති ධුරයෙන් පහ කර අත්අඩංගුවට ගත යුතු බවට විරෝධතා පවත්වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලට පැමිණීම තහනම් කරමින් භික්ෂූන් වහන්සේලා තහනමක් පනවා තිබේ. පසුගියදා මීගමුව රෝහලේ උත්සවයකට ඇමතිවරයා පැමිණි අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා උත්සව සභාවෙන් පිටව ගියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස