ඇමති අකිල රු. ලක්ෂ 340ක තම ඡායාරූප ගසා ළමුන්ට බෙදයි!

March 1, 2019 at 1:28 pm | by admin

පෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදීම නිසා රජයට රුපියල් මිලියන තිස්හතරක පාඩුවක් සිදුව තිබෙන බව උසස් අධ්‍යාපන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මෙම මුදලින් රුපියල් මිලියන 29ක පාඩුවක් සිදුව ඇත්තේ පෙළපොතට ඡායාරූප යෙදීම හේතුවෙන් බවත්, තවත් රුපියල් මිලියන 05ක් නිල ඇඳුම් වවුචරයට ඡායාරූප යෙදීම නිසා පාඩු වී තිබෙන බවත් අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.  

මේ පිළිබඳ අද දිනයේ අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වුවද පසුගිය දිනක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුව ප්‍රචාරණ වියදම් කපා දමා ජනතාවට සේවය කරන නිසා ආණ්ඩුවේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව නොදන්නා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස