මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සුදානම් කර තිබු මඩ පෝස්ටර් තොගයක් හලාවත මාදම්පේ ප්රදේශයේ නිවසක තිබියදී මාදම්පේ පොලීසිය විසින් (15) අත්අඩංගුවට ගෙන ඇත.
මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාරට ලැබුණු තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
පෝස්ටර් සමඟ අත්අඩංගුවට පත් සැකකරු ඊයේ(14) හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Copyright © 2024 emanisa.lk