අධිකරණ නියෝගයක් ලැබුණොත් සීමා නිර්ණය නොතකා වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්! -මැකො

June 3, 2019 at 4:15 pm | by admin

අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතු නොතකා කඩිනමින් පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම අද (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය..

කල් තබා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සම් අද(03) කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එද දැනුම්දීම සිදු කළේය.

මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අගෝස්තු මස දෙවන දා විභාගයට ගැනීමට නියම කළේය.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු හමුවේය.

පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කාර හිටපු ප්‍රධාන අමාත්‍යවරු කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *