මහාචාර්ය චන්නගේ මඩ වීඩියෝව පාඨලිගේ වැඩක්!

November 9, 2019 at 7:30 am | by emanisa.lk

මහාචාර්ය චන්න ජයසුමන කිසියම් පොතක් එළිදක්වන අවස්ථාවක කළ දේශනයක වීඩයෝවක් නවීන තාක්ෂණය භාවිතයෙන් සංස්කරණය කර ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට අවලාද නැඟීමට ෆේස්බුක් ඔස්සේ බෙදාහැරි වීඩියෝව ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ.

මෙම වීඩියෝව මුල් වරට මුදාහැර ඇත්තේ බ්‍රෝ-bro ෆේස්බුක් පිටුව ඔස්සේය. එය ඇමති පාඨලි චම්පක රණවකගේ සමාජමාධ්‍ය කණ්ඩායමේහම්සා හනීෆා නම් අයෙකි.

ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහාචාර්ය චන්න ජයසුමන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පෙනී සිටි ඡායාරූපයක ලෙම්ටර්ගේ හිස ඉවත් කර කේ.පීගේ හිස එකතු කර සංස්කරණය කළ බවට චෝදනා නැගුණේද ඇමති පාඨලි චම්පකටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස