රංජන් මැගසින් කුටියේ තනිවෙයි! සැපදුක් අහන්න මන්ත්‍රීලා හෝ පෙම්වතියන් ඇවිත් නෑ!

January 25, 2020 at 11:39 am | by emanisa.lk

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පෙරේදා (23) සැකකාර මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇත්තේ නීතිඥවරයෙකු පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිසිවෙකුත් පැමිණ නැතැයිද දැනගන්නට තිබේ.

අමුත්තන් ලෙස සාමාන්‍ය ජනතාව කිසිවෙකුත් ගතවූ කාලය තුළ බන්ධනාගාරයට පැමිණි බවත් වාර්තා වී නැතැයි ද ඒ හේතුවෙන් අමුත්තන් හමුවීමේ ස්ථානයට සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සිදුවී නැති බවත් වාර්තා වේ.

බත් මුලක් බැඳගෙන හිර ගෙදරටත් එන බව සඳහන් කළ රංගන ශිලිපිනී ජානකී විජේරත්න ද එහි පැමිණි බවක් වාර්තා වන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස