රංජන් හඬපට සභාගත කිරීම පට්ටපල් බොරුවක්! ඊයෙත් කිසිම හඬපටියක් සභාගත කර නෑ!

January 23, 2020 at 1:34 pm | by emanisa.lk

රංජන් රාමනායක ඊයේ (22) හඬපට අඩංගු සීඩි පට පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා යැයි සිදුකළ ප්‍රකාශයත් අසත්‍ය බව හෙළිව තිබේ.

මේ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අදත් පාර්ලිමේන්තුවට තහවුරු කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව අමතා රංජන් රාමනායක සඳහන් කළ පරිදි හඬපට කිසිවක් මේ දක්වා පාර්ලිමේන්තුවට භාර දී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කටයුතු අද (23) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස