රංජන් අධිකරණයට බලපෑම් කළේ සිරිසේන එක්ක! ඒක එජාපයට වගේම ස්වාධීන අධිකරණයටත් හානියක්! – රවී

January 16, 2020 at 10:18 am | by emanisa.lk

මේ දිනවල මාධ්‍ය හරහා එළිදකින රන්ජන් රාමනායකගේ හඩපට සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ‌එජාප උපනායකයා වන රවි කරුණානායක දැඩි විවේචනයක් එල්ල ‌කොට ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රීලනිපයේ සිටින ඇතැමුන් සමග එක්ව රන්ජන් රාමනායක කළ ‌මෙම ක්‍රියාව හරහා එජාපයට පමණක් ‌නොව ස්වාධීන අධිකරණයටද හානියක් සිදුව ඇති බව ‌හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම රන්ජන් පිස්සකු ‌ලෙස ‌පෙන්වා දී ඇති රවී කරුණානායක මෙවැනි පුද්ගලයන් ‌දේශපාලනයේ ‌නොයෙදිය යුතු බවද සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස