මේ රටේ සරම් චීත්ත කොට කලිසම් අඳින්න නිදහස දිනා දුන්නේ අපි! ඒ නිදහස රැකගන්න සජිත් ජනපති කරන්න! – රනිල්

October 27, 2019 at 4:19 pm | by emanisa.lk

අද සරම්, බතික්, අත්කම්, ඩෙනිම්, දිග කලිසම්, කොට කලිසම්, ෂර්ට්, ටී ෂර්ට්, සර්වර්, සාරි, චීත්න ඇඳීමට නිදහස ඇති බවත් නොවැම්බර් 16 වෙනිදාට තීරණය කිරීමට ඇත්තේ ඒ නිදහස රැක ගන්නේ ද නැද්ද යන්න බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද ඕනෑම සිංදුවක් ඇසීමට, ඕනෑම චිත්‍රපටයක් බැලීමට මෙන්ම තමාට මාධ්‍ය ඔස්සේ බැණ වැදීමට ද නිදහස ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

අද කිසිවකුට නොබනින පහර නොදෙන රාජ්‍ය දේපළ අවභාවිත නොකරන ජනාධිපතිවරණයක් පැවැත්වීමට පරිසරය උදා වී ඇත්තේ වර්තමාන ආණ්ඩුව නිසා බව යැයි ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස