මිලේනියම් ගිවිසුම ගැන විද්වත් වාර්තාව ජනපතිට භාරදෙයි!

February 18, 2020 at 7:23 am | by emanisa.lk

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අධ්‍යයනය සඳහා පත්කළ විද්වත් කමිටුවේ මුලික වාර්තාව ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2019 දෙසැම්බර් මස 18 වෙනිදා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් මත ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මෙම කමිටුවේ සභාපතිත්වය දරනු ලැබීය.

ලිපි ලේඛන විමර්ෂණය, විවිධ පාර්ශව, කණ්ඩායම් සහ පුද්ගලයින් සමග සාකච්ජා සහ සම්මන්ත්‍රණවලට සහභාගිවෙමින් මෙම කමිටුව තොරතුරු රැස් කිරීමට ක්‍රියා කරනු ලබන අතර MCC ගිවිසුම ගැන පුර්ණ වාර්තාවක්  04 ක් ඇතුළත භාරදීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස