ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහින්ද හමුවෙයි! සෝෆා ඇක්සා මිලේනියම් චැලේන්ජ් නිසා රටට වන දේ කියයි!

July 4, 2019 at 10:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කර තිබේ.

මෙම හමුව අද (04) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

මෙම ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැති අතර යුද හමුදා ඇඳුමින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස පෙන්වා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකට ඔවුන් යටත් නොවන අතර රේගු ගාස්තුවලින් තොරව ඕනෑම භාණ්ඩයක් ලංකාවට ගෙන ඒමේ අවස්ථාවද හිමිවෙන බවත් ඔවුන් මෙම භූමියේදී නීති විරෝධී යම් කටයුත්තක යෙදුනහොත් බලපාන්නේ මෙරට නීතිය නොවන බවත් පෙන්වා දෙන ලදී.

තිරිකුණාමලය හා කොළඹ අතර ඇති කිරීමට යෝජිත ආර්ථික කොරිඩෝව නිසා ශ්‍රී ලංකා භූමිය දෙකඩ වීමට ඉඩ තිබෙන බවට ද අනතුරු අඟවා තිබේ.

තිස් වසරක කොටි ත්‍රස්තවාදයට දෙකඩ කිරීමට ඉඩ නොදුන් රට දෙකඩ කිරීමට ඉඩ නොතබන බවත් මෙම ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගැනීමට කටයුතු කරන බවත් මෙවැනි කටයුතුවල දී නීතිඥ සංගමයේ උපදෙස් වැදගත් බවත් එහිදී මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස