ඩොලර් මිලියන 480කට ඇමරිකාවට දණ නමන්නේ නෑ! මිලේනියම් ගිවිසුම අත්සන් කරන්නේ නෑ! – වාසු

December 12, 2019 at 11:33 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවැසීය. ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10) රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේ සිදුකරන්නේ නම් තමා එම ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසීය. ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති ගෝඨාභය හෝ අගමැති මහින්ද කිසිම දවසක එකඟ නොවන බව ද ඔහු පැවැසීය. ඩොලර් මිලියන 480කට සිය ආණ්ඩුව දණ නොනමන බවත් එසේ කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව තමන් රවටා රාජ්‍ය ඇමැතිකමක් දී ඇති බව රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පැවැසීය. නමුත් කැබිනට් ඇමැති ධුරයක් නැතිවීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බවත් තමන් පැමිණි අරමුණ ඉදිරියටද කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස