ලංකාව දෙපළු කරන ඇමරිකන් ආර්ථික කලාපයට අක්කර 30 000ක් දෙයි! දකුණේ ලංකාව! උතුරේ ඊළම් රාජ්‍යය?

January 29, 2019 at 1:43 am | by admin

මිලේනියම් කෝපර්රේෂන් නම් ඇමරිකානු ආයතනයට තිරිකුණාමල වරාය සහ කොළඹ වරාය යා කරන විශේෂ ආර්ථික කලාපයක් සහ ඇමරකානු ගුවන් හමුදාවට සේවා සපයන කඳවුරක් නිර්මාණය කිරීමට අක්කර තිස් දහසක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

රනිල් වික්‍රමසිංහ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ ද ඇමරිකාවට කොළඹ තිරිකුණාමලය යා කරන ආර්ථික කලාපයක් සඳහා අක්කර 30 000ක් ලබා දෙන්නේ ද සේනා දළඹුවා මර්දනය නොකර රටේ කෘෂිකර්මාන්තය අකර්මණ්‍ය කරන්නේ ද එකම ව්‍යාපෘතියක කොටස් ලෙස බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය පරාජය කිරීමට නම් මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතු කොට පුළුල් සන්ධානයක් නිර්මාණය කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස