මම කැබිනට් එකේදී මිලේනියම්, සෝෆා ගිවිසුම්වලට විතරක් නෙමේ ප්‍රතිත්‍රස්ත පනතටත් විරුද්ධ වුණා! – සජිත්

January 21, 2020 at 11:06 pm | by emanisa.lk

ඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට තමන් කැබිනට් මණ්ඩලයේ දී විරුද්ධ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේම ප්‍රතිත්‍රස්ත පනතටත් තමන් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ හෝ රට හමුවේ මෙම කිසිදු ගිවිසුමකට එරෙහිව වචනයක් හෝ ප්‍රකාශ නොකළ බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙයි.

එපමණක් නොව සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඔහු පවසා තිබුණේ තමන් ජයග්‍රහණය කර සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් අත්සන් කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස