මිලේනියම් ගිවිසුම රටේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කළ යුතුයි! රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කරන්න අපේ පූර්ණ සහාය දෙනවා! – පාඨලී මංගල වර්ණනා කළ ගිවිසුම සජිත් පට්ට ගසයි…

December 18, 2019 at 7:09 pm | by emanisa.lk

මිලේනියම් චැලේනජ් කෝපරේෂන් (MCC) ගිවිසුම රටේ න්‍යාය පත්‍රයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතු බව එ.ජා.ප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) දොම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, MCC ගිවිසුමට අමතරව අනෙකුත් යෝජිත වෙළෙඳ ගිවිසුම් ද අහෝසි කළ යුතු බවත් ඒ සඳහා සිය පූර්ණ සහාය දෙන බවත්ය.

“MCC ගිවිසුම විසිකරලා දානවා කිව්වා. ඔය 70% 30% කථාවට නෙවෙයි ජනතාව ඡන්දේ දුන්නේ. මමත් විරුද්ධ වුණ මේ ගිවිසුම අනුමත කරන්න අපේ යම් කණ්ඩායමක් මැතිවරණ ව්‍යාපාරය තුළ කටයුතු කළා.

MCC සම්පුර්ණයෙම්ම රටේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කරන්න. ඒ ගිවිසුමට අමතරව හොඳ නෑ කිව්ව තවත් ගිවිසුම් ගණනාවක් තියෙනවා. ඒ ගිවිසුම් ටිකත් අහොසි කරන්න. මම කියනවා ඒ වෙළඳ ගිවිසුම් ටිකත් අහොසි කරන්න. අපේ පුර්ණ සහාය දෙනවා.

ඔය හැම ගිවිසුමක්ම කෑලි කෑලිවලට ඉරලා දමන්න කියලා තමයි 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ. අපි අපේ සහාය දෙන්නම් බඩු මිල අඩු කරන්න. මොකද එකත් ජනතාවට දුන්න පොරොන්දුවක් ඉෂ්ට කරන කාලයක් ඇවිල්ලා.”

කෙසේ වුවද ඔහු සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මිලේනියම් ගිවිසුම පිළිගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස