බල පෙරළියක් සිදුවන ජනාධිපතිවරණයක් අභියස ඇමරිකාව සමග රහස් ගිවිසුම්වලට යාම සුදුසු නෑ! – සජිත් පරදින බව ජවිපෙ කලින්ම කියයි….

November 3, 2019 at 3:48 pm | by emanisa.lk

රටේ බලය මාරුවන ජනාධිපතිවරණයක් අභියස සිට කඩිමුඩියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට බලපාන ගිවිසුම් අත්සන් තැබීම සුදුසු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (3) පැවසීය.

ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කර නිසි සංවාදයකින් පසුව රටට අහිතකර නොවන්නේ නම් මැතිවරණ වලින් පසුව එය සිදුකළ යුතුව ඇතැයි ද ඔහු වැඩි දුරටත් පැවසීය.

“අපේ රටේ ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් කර එම තොරතුරු සියල්ල පරිගණක ගත කිරිම, ප‍්‍රවාහන පද්ධතිය හා මාර්ග පද්ධතිය නිරවුල් කිරිම මෙහි ප‍්‍රධාන අරමුණු ලෙස දක්වා තිබෙනවා. ඉඩම් පිළිබඳ තොරතුරු සියල්ල පරිගණක ගත කර විදේශීය සමාගමක් අතට පත් කිරිම බරපතල අනතුරකට මුලක් විය හැකියි. ඒක රටේ ස්වෛරීභාවයටත්, අර්ථිකයටත් විශාල බලපෑමක් සිදුවිය හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙතෙක් කලක් පැවති ආණ්ඩු විදේශීය සමාගම් හා රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් වලින් රටට සෙතක් වෙනුවට සිදුවූ අහිතකර බලපෑම් වැඩි නිසා ජනතාව තුළ මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් සැක මතුවීම සාධාරණයි. ගිවිසුමෙන් සිදුවන්නේ රටට සෙතක් නම් එය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් වසන් කිරිමේ අවශ්‍යතාවක් නැහැනේ. ආණ්ඩුව මේක හංගන එක තුළම සැකයක් ඇති කරනවා.

ගිවිසුම අත්සන් කිරිමෙන් පසු පාර්ලිමේන්තුවට එය සංවාදයට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියනවා. ඒකෙන් කිසිම වෙනසක් කරන්න බැහැ. හොඳම ක‍්‍රියාමාර්ගය නම් ජනතාව දැනුම්වත් කර පාර්ලිමේන්තුවේ කර ඇති කරගන්නා සංවාදයකින් පසු රට හිතකර ලෙස ගිවිසුම් අත්සන් කිරිමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස