ජනපති අණ නොතකා ඇමති මංගල මිලේනියම් ගිවිසුම අත්සන් කරන සූදානමක්! ගිවිසුම නවතන ලෙස ඇමරිකාවට දැනුම්දෙන්නැයි ජනපතිගෙන් නීතිඥ සංගමය ඉල්ලයි!

November 5, 2019 at 2:47 pm | by emanisa.lk

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අද (05) දිනයේදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තම සංගමය ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබුණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් එම අමාත්‍යාංශයට මෙම ගිවිසුම අත්සන් කිරීමේ බලයක් නොමැති බවත් එම සංගමය සඳහන් කරයි.

මෙම ගිවිසුම අත්සන් කිරිමෙන් වළකින ලෙසත් ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට ඇමෙරිකාවට මෙන්ම එම්.සී.සී. ආයතනයට දන්වන ලෙසත් නීතිඥ සංගමය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස