මිලේනියම් ගිවිසුමට එරෙහිව උපවාස කරන්නේ ගෝඨාගේ කුලී හේවායෝ! – ඇමති මංගල මහා සංඝ රත්නයට නැවතත් අපහාස කරයි….

November 5, 2019 at 9:47 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි ප්‍රදාන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සම්මත රීතිය හෙයින් ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් මේ සම්බන්ධයෙන් ලෙමන් ෆප් ගබඩා කිරීමට උවමනා නැති බවට ඇමති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මෙම ගිවිසුමට එරෙහිව උපවාසයක නිරත වන්නේ විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප හිමිය. උන් වහන්සේ මෙයට පෙර කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති අතර මෙම උපවාසය රට වෙනුවෙන් ගත් තීන්දුවක ප්‍රතිඵලයක් බව එහිමියන් පවසති.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත යොමු කරන ලද ලිපියක් ද එහි අමුණා ඇති අතර මෙම ගිවිසුමෙන් රටට කිසියම් අවාසියක් සිදුවන්නේ නම් පෙන්වන ලෙස අභියෝග කර තිබේ.

මෙම ගිවිසුම මුල් වරට අත්සන් කිරීමට සූදානම් වූයේ 2002 බවත් 2005 පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම ප්‍රදානය ලබා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව ද ඇමතිවරයා අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස