රටට එරෙහි කිසිදු ගිවිසුමක් අත්සන් කරන්න මම ඉඩ තියන්නේ නෑ! – ජනපති

July 6, 2019 at 5:54 pm | by emanisa.lk

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිඳු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

රට පාවා දෙන සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවැතිය ද රටට හානි වන සහ රටට නොගැළපෙන කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06දා) පෙරවරුවේ බිබිල මහජන කි‍්‍රඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.

ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට තමා නායකත්වය ගෙන සිටින විට දේශපාලන භේදයකින් තොරව රටේ ප‍්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහි ප‍්‍රතිඵල තවත් වසර කිහිපයකින් මේ රටේ අහිංසක දරුවන්ට අත්විඳිමට සිදුවනු ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් පෙනි සිටිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව අද අධිකරණයට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මුදලට යට වූ පිරිස් බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස