මද්‍රාසා පාසලේ අන්තවාදය සහ ආයුධ පුහුණුව දුන්නා! විදුහල්පති බදියුදීන්ගේ නීතීඥ හිජාස් හිස්බුල්ලා! රුවන් දෙදෙනෙක් අධිකරණය හමුවෙි…

May 13, 2020 at 9:47 am | by emanisa.lk

මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී ඇත.

මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

මෙම මද්‍රසා පාසලේදී දරුවන්ව නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම්වලට යොදාගෙන ඇති බවත් ඔවුන්ට එහිදී ත්‍රස්තවාදී පුහුණුව ලබාදුන් අයුරු මෙහිදී හෙළිකර ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරයත් භාණ්ඩාගාරික ධුරයත් දරමින් මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්ව ඇත.

පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පසුව අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් රිල්වාන් (සහරාන්ගේ සොහොයුරා) මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නීතීඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස