සහරාන් මරාගෙන මැරෙන්න පුහුණු කළ දරුවන්ට නේවාසික පහසුකම් දුන්නේ හිජාස් හිස්බුල්ලා?

May 6, 2020 at 9:34 pm | by emanisa.lk

සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණු කළ දෙමාපියන් අහිමි දරුවන් සඳහා නවාතැන් පහසුකම් ලබා දී ඇත්තේ අත්අඩංගුවේ සිටින හිජාස් හිස්බුල්ලා (?) සභාපති ධුරය දරන සේව ද පර්ල් සංවිධානය විසින් බව අනාවරණය වී තිබේ.

කොළඹින් රැගෙන ගිය මෙම දරුවන්ට ආයුධ පුහුණුව සහ අන්තවාදය ඉගැන්වීම සඳහා යොදා ගෙන ඇත්තේ මදුරන්කුලියේ මද්‍රසා පාසලක් වන අතර ‘සේව් ද පර්ල්’ නමැති සංවිධානය මගින් ඔවුන්ට නවාතැන් ලබා දී ඇත.

එහි සභාපති හිජාස් හිස්බුල්ලා වන අතර පාස්කු ප්‍රහාරය දා මරාගෙන මැරුණු දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් දෙදෙනා එහි භාණ්ඩාගාරික, ලේකම් ධුර දරා ඇති බවත් හෙළි වී ඇත.

සේව් ද පර්ල් සංවිධානය ඇතුළු මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන ද පොලිස්පති අණින් ඊයේ (05) සිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *