මුස්ලිම් මළ සිරුරු ආදාහනයට ඉඩදෙන්න එපා! – බදියුදීගෙන් ජනපතිට ලිපියක්..

May 9, 2020 at 7:31 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන සියලු දෙනා ආදාහනයට ගෙන ඇති තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාව භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන ආකාරයට මෙයට පෙර නිකුත් කර ඇති ගැසට්ටුව වෙනස් කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සහ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන හිජාස් හිස්බුල්ලා ද අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස