බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි සමුළුවක්! ශී ලංකා මහ කොමසාරිස් බකං නිලා ගෙන!

September 10, 2019 at 8:05 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව ක්‍රියා කර ඇත.

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම සමුළුව පවත්වා ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයයි.

මෙම සමුළුවට රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ බාලකුමාරන්, දීපන් සහ කාරන් ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්තීවරුන් රැසක් සහභාගී වී ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් විශාල පිරිසක් අතුරුදන් කළ බවට චෝදනා එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධය දක්වා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස