ඩයස්පෝරා මහ කොටියෙක් කප්පම් ගනිද්දී ලන්ඩන් පොලිස් අත්අඩංගුවට! (video)

April 7, 2019 at 10:32 pm | by admin

දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මනිවාදන් ලන්ඩන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව බොහෝ විරෝධතාවලට නායකත්වය ලබා දෙන මොහු පසුගියදා ලන්ඩනයේ පැවති එළිය සම්මන්ත්‍රණයට එරෙහි විරෝධතාවට ද නායකත්වය ලබා දුන් අයෙකි.

ඊළාම් කොඩිය ත්‍රස්ත සංවිධානයක කොඩියක් නොවන බවත් එය එංගලන්ත සහ ශ්‍රී ලංකා කොඩියට සමාන බවත් ඔහු ලන්ඩන් පොලිසිය හමුවේ පවසයි. ලන්ඩන් නුවර එළිය විරෝධතාව අතරතුරු ඔහු පවසන්නේ සිය නායකයා ප්‍රභාකරන් බවත් ඊළාම් යනුවෙන් රටක් ඇති බවත්ය.

දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතු කරමින් සිටින අතරතුර ඔහු අත්අඩංගුවට පත්ව තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාවට කප්පම් දීමට අකමැති වූ දෙමළ ජනතාවගේ අනුදැනුම මත සිදු වූ අත්අඩංගුවට ගැනීමක් ද විය හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස