ද්‍රවිඩ සමූල ඝාතනයක් වූවැයි ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න; විග්නේෂ්වරන් ද්‍රවිඩ නීතිවේදීන්ගෙන් ඉල්ලයි!

February 20, 2019 at 1:00 pm | by admin

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගන්වන්නැයි උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ඩයස්පෝරාව, ද්‍රවිඩ නීතිවේදීන් සහ ද්‍රවිඩ දේශපාලකයන්ගෙන් ඉල්ලා ඇත.

තමා උතුරු පළාත් සභාව මෙහෙයවන සමයේ ශ්‍රී ලංකාවේ රජය ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු කළ බවට යෝජනාවක් සම්මත කර එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට යැවූ බව ඔහු කියා සිටියේය.

2009 දී සිදු වූයේ කුමක්දැයි ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමේ කාල සීමාව පැමිණ ඇති බව ද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

යාපනයේ පැවැති රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *