රනිල් උස්සගෙන යන ප්‍රති-ත්‍රස්ත පනත හැදුවේ කොටි ඩයස්පෝරාවයි යුරෝපා සංගමයයි! මම අධිකරණ ඇමති විදිහට මේ පනත 7-8 වතාවක් කුණු කූඩයට විසි කළා! – විජේදාස රාජපක්ෂ

May 7, 2019 at 12:27 pm | by admin

දෙමළ ඩයස්පෝරාව සහ යුරෝපා සංගමය කෙටුම්පත් කළ ප්‍රති-ත්‍රස්ත පනත 2015-2018 සමයේ තමා අධිකරණ ඇමතිවරයා ලෙස 7-8 වරක් කුණු කූඩයට විසි කළ බවත් එම ඇමති ධුරයේ තමා නොසිටින්නට මෙම පනත සම්මත වී බොහෝ කල් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රති-ත්‍රස්ත පනතේ අරමුණ ත්‍රස්ත විරෝධි පනත අවලංගු කර ත්‍රස්තවාදයට වඩා හිතකර ලිහිල් ප්‍රතිපත්තියක් බලාත්මක කර රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳ දැමීම බව හෙතෙම පවසයි.

එසේම ජාතික ආරක්ෂාව පිළිබඳ පනතක් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යුතු වුවද මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ විදේශ ඇමතිවරයා විසින් බව ද හෙතෙම පෙන්වා දෙයි. විදේශ කටයුතු ඇමතිවරයාට ආරක්ෂක පනතක් ගෙන ඒමට බලය දුන්නේ කවුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මෙම පනත ගෙන ඒමට උත්සාහ කරන්නේ අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන නිවට දේශපාලකයන් කිහිප දෙනෙක් බව ද මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ආවොත් එය හකුළා ගන්නා තැනට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස