මන්නාරම් සමූහ මිනී වළේ කාබන් වාර්තාව සමග කොටි ඩයස්පෝරාව හාන්සියි! ජිනීවා ගෙන ආ මිනි වළේ ඡායාරූප ආපසු ගෙන යයි!

March 9, 2019 at 9:31 am | by admin

ඇමරිකානු රසායනාගාරයේ කාබන් වාර්තාව හෙළිදරව් වීමට පෙර හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ඇතුළු පාර්ශ්ව පහක්‌ මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු 300 ක්‌ සහ ළමා සිරුරු 23 ක්‌ හමුදාව විසින් ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බවට වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙල් බැචලට්‌ වෙත ඉදිරිපත් කර ඇත.

මෙම මිනීවල වීඩියෝ ගත කළ බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනියේ ජොනතන් මිලර් ද මිනී වළෙන් හමුවූ අස්‌ථි කොටස්‌ පිළිබඳව ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබිණි.

මේ හැර මුලතිව් අතුරුදන්වූවන්ගේ සංවිධානයේ නායිකා ලීලාදේවි නමැත්තිය ද මානව හිමිකම් කොමසාරිස්‌වරිය හමුවේ පැමිණිල්ලක්‌ කරමින් මන්නාරම මිනීවළෙන් හමුවූ ළමා අස්‌ථි කොටස්‌ හමුදාවට භාර දුන් ළමුන්ගේ බවට සඳහන් කර ඇතැයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ (8 දා) පැවසීය.

ඇමරිකානු රසායනාගාර වාර්තාවෙන් හමුවූ සිරුරු කොටස්‌ ලන්දේසි යුගයට අයත් බව හෙළිවිය. කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් සමුළුව වෙත ගෙන ආ මන්නාරම මිනීවළේ ඡායාරූප ආපසු ගෙන ගොස්‌ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *