මන්නාරම් මිනී වළෙන් ගොඩ යන්න කොටි ඩයස්පෝරාවෙන් අලුත් පොටක්!

March 16, 2019 at 7:35 am | by admin

මන්නාරම් සමූහ මිනී වළේ ඇති සිරුරු ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බව මානව හිමිකම් කවුන්සිලයට ඒත්තු ගැන්වීම සඳහා කොටි හිතවාදීන් තමිල්නාඩුවේ වෝහාරික වෛද්‍ය විශේෂඥයකුවූ සේවියර් සෙල්වා සුරේශ් නමැත්තා මානව හිමිකම් සමුළුවට ගෙන්වා ඇත.

මොහු මානව හිමිකම් සමුළුව තුළදී ප්‍රකාශ කර ඇත්තේ එම මිනී වළේ තිබී සොයාගත් අස්‌ථි කොටස්‌ වසර 50 කට නොඅඩු කාලයකට අයත් බවයි. මේ තමිල්නාඩු වෛද්‍ය විශේෂඥයා සමඟ ශ්‍රී ලංකාවේ සිට විජයකුමාර් නවනීදන් නමැති අයකු ද පැමිණ ඇත. මොවුන් ඇමරිකානු කාබන් වාර්තාව පිළිගැනීම ප්‍රතික්‌ෂේප කර තිබේ.

මන්නාරම සමූහ මිනීවළ පිළිබඳ ඇමරිකානු වෝහාරික වාර්තාව පිළිගත නොහැකි බවත් අලුත් පරීක්ෂණයක් උවමනා බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන් පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *