බන්ධනාගාරගතව සිටි රණවිරුවන් 05කට ජනපති සමාව!

February 6, 2020 at 12:08 pm | by emanisa.lk

බන්ධනාගාර ගතව සිටි ආරක්ෂක අංශ සාමාජික රැඳවියන් 05 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙම සමාව ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව අදාල අනුමැතිය ලබාදී ඇති බව  සඳහන් වෙයි.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් 05 දෙනෙකු සඳහා මෙලෙස ජනාධිපති සමාව ලබා දී තිබේ.

ඒ අනුව මෙවර නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 517 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස