ගෝඨා පිත්තල හන්දියේදී බේරුණේ BMW සමාගම නිසායි! බොරුවට ලේ බිංදුවක් කමිසේ ගා ගෙන සහෝදරයා ඉඹ ගත්තා! – ශානි අබේසේකර

January 6, 2020 at 1:20 pm | by emanisa.lk

පසුගිය යුධ සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතය බේරුණේ බුද්ධි අංශ නිසා නොව BMW සමාගමට පිං සිද්ධ වෙන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂානි අබේසේකර පවසයි.

එහෙයින් ගෝඨාභය කඩේ යා යුත්තේ බුද්ධි අංශයට නොව BMW ආයතනයට බවත් ඔහු පෙන්වා දෙයි.

එම ප්‍රහාරයට පසු කමිසයේ ලේ බිංදුවක් තවරා ගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයට ගොස් මහින්ද රාජපක්ෂ වන සිය සහෝදරයා බොරුවට සිප ගත් බවත් ඔහු සඳහන් කරයි.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග ඔහු කරන ලද දුරකථන සංවාදයක දී ඔහු මේ බව පවසයි.

එසේම බුද්ධි අංශ ශක්තිමත් නම් මහ බැංකු ප්‍රහාරය, ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ආදීය සිදු වූයේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

ශානි අබේසේකරලා සිදුකළ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරු දඩයම ඇමති රංජන් ලවා රට හමුවේ සාධාරණීකරණය කිරීම මෙහි අරමුණ බවද පෙනේ.

පසුගියදා රංජන් රාමනායකගේ නිවසේ තිබී මෙම දුරකතන සංවාද අඩංගු සීඩී තැටි අත්අඩංගුවට ගැනිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස