CID නිලධාරීන්ට රටින් පනින්න නොදීම රණවිරුවන් පාවාදීමක්! එම නිලධාරීන්ට චෝදනා කිරීම නිසා රට අගාධයට යනවා! – රංජිත් මද්දුම බණ්ඩාර

November 29, 2019 at 8:28 am | by emanisa.lk

කීර්තිමත් ඉතිහාසයක් ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) අක‍්‍රිය නොකරන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින බව හිටපු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රට යෑම තහනම් කරමින් ඔවුන්ගේ නාම ලේඛනයක් ගුවන්තොටුපළට යැවීමෙන් එම නිලධාරීන්ගේ තොරතුරු හෙළිදරව් කිරීමක් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සිරිකොතදී ඊයේ (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

යුද්ධය පැවති සමයේ විශාල සේවාවක් කළ නිලධාරීන් රැසක් මෙම දෙපාර්තමේන්තුවේ සිටින බවත් ඔවුන් මේ වනවිට විශාල ගැරහුමකට ලක්ව සිටින බවත් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට එම නිලධාරීන්ට චෝදනා කොට වැරදිකරුවන් කිරීමෙන් නැවතත් රට අගාධයකට යනවා දැයි සැක සිතෙන බව ද රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස