උඹ ගෝඨාට කඩේ යනවා නේදැයි අසා ආබාධිත රණවිරුවාට පහර දෙති!

October 24, 2019 at 3:43 pm | by emanisa.lk

මින්නේරියේ, රණවිරු සංගමයක සභාපති ධුරයක් හොබවන ආබාධිත රණවිරුවකුට උඹ ගෝඨාට කඩේ යනවා නේදැයි අසමින් යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු පහරදීමේ සිද්ධියක් පිළිබඳව මින්නේරිය පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.

පෙරේදා ( 22) මින්නේරිය තුනේ කණුව ප්‍රදේශයේ දී පහරදීම සිදුවී තිබේ.

පාදයක් ආබාධිත මෙම රණවිරුවා පෙරේදා රාත්‍රි යතුරුපැදියකින් සිය නිවස බලා යමින් සිටියදී ඊට පිටුපසින් යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු එලෙස පහරදී ඇතැයි පොලිසිය පවසයි.

ආබාධිත රණවිරුවා පොළොන්නරුව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස