ආබාධිත රණවිරුවන් නිදහස් පෙළපාලියට නෑ! දැයට පණ දුන් වීරයන් පැයක්වත් අව්වේ තබන්න එපා! – ජනපති නියෝග කරයි…

February 3, 2020 at 10:03 am | by emanisa.lk

මෙවර පැවැත්වෙන 72 වන නිදහස් සැමරුම් පෙළපාලිය සඳහා ආබාධිත සෙබළු යොදා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ. ඒ බොහෝ වේලාවක් අව්වේ සිටීම ආබාධිත සෙබළුන්ට ඇති වන ශාරීරික අපහසුතා වළක්වා ගැනීම සඳහාය.

එසේම මෙවර නිදහස් උළෙල චාම් සහ අභිමාණවත් ලෙස පැවැත්වීමටත් එහි ඇතැම් වෙනස්කම් කිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ දැනුම්වත් කර තිබේ.

මින් පෙර පැවති බොහෝ නිදහස් උළෙළවල උත්තමාචාර පෙළපාලි පැය 3කට අධික කාලයක් පැවතිය ද මෙවර එය පැය දෙකකට හෝ ඊටත් වඩා අඩු කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳවා ගෙන ඒමේදි පෙර ගමන් රථ සමග අශ්වාරෝහකයින් පැමිණීම සිදු වුවද මෙවර එම අංගය ද ඉවත් කිරීමට තීරණය කර ඇත.

පැරෂුට් සංදර්ශනය ද මෙවර ඉවත් කර ඇති අතර පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප‍්‍රමාණය ද සීමා කිරීමටත් තීරණය වී තිබේ.

ඒ අනුව මෙයට පෙර නිදහස් පෙළපාලියේ ප්‍රදර්ශනය කළ යුද හමුදාවට අයත් රේඩාර් පද්ධතිය ඇතුළු විශාල ප‍්‍රමාණයේ යුද රථ මෙවර එකතු නොකිරීමට ඉඩ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස