පාඨලී සිය හිටපු බිරිඳ නිවාස අඩස්සියට ගනී! පාඨලී නිර්දෝෂී කරන වීඩියෝවකුත් කරවයි!

January 17, 2020 at 8:32 am | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ දික්කසාද බිරිඳ වන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මේ වන විට හෝමාගම ප්‍රදේශයේ නිවසක පාඨලී චම්පක රණවක විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

පාඨලී චම්පික රණකව බලශක්ති අමාත්‍යවරයා වශයෙන් සිටියදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද පාඨලී චම්පික මන්ත්‍රීවරයා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටින විට අමාත්‍යවරයාගේ උපදේශකවරවයා වශයෙන් ද කටයුතු කළ විද්‍යා අමරපාලගේ නිවසක රෙුණුකා දමයන්ති ප්‍රනාන්දු නිවාස අඩස්සියේ රඳවාගෙන තිබෙ න බවද එම සංවිධානයේ විශ්‍රාමික මේජර් ජනරාල් අජිත් ප්‍රසන්න සඳහන් කරයි.

පාඨලී චම්පික රණවකගේ දැඩි හිංසා පීඩා සිදුවන බවට ඔහුගේ බිරිඳ විසින් මිරිහාන පොලීසියට පැමිණිලි කර තිබෙන බවත් පසුව ඇය අධිකරණයට ගොස් පාඨලීගෙන් දික්කසාද වී සිටි බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ‍

මේ වන විට මන්ත්‍රීවරයාගේ දික්කසාදය සම්බන්ධයෙන් හෝමාගම දිසා අධිකරණයේ තිබුණු දික්කසාද නඩු ලිපිගොනුව අතුරුදහන්ව ඇති බවත්, ඒ ගැන අදාළ ආයතන විසින් වහාම සොයා බැලිය යුතු බවත් අජිත් ප්‍රසන්න අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස