සිංහල බෞද්ධ නායක පාඨලී වාහනේට මිලියනයක වන්දියක් අරන්! වාහනේ අලාභය අසරණ සංදීප්ට ගෙවන්න කියා පොලිසිත් යයි!

December 23, 2019 at 9:58 pm | by emanisa.lk

2016 වසරේ සංදීප් ගුණවර්ධන ගැටුණු එවක අමාත්‍ය පාඨලී චම්පක අදාළ රථය සඳහා රු. මිලියනයක වන්දියක් ගෙන ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු විදුලිබල හා බලශක්ති ඇමතිවරයා වූ අතර අනතුරුව මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමති ධුරයට පත්විය.

ඔහු නව අමාත්‍යංශයට යන විට අදාළ රථය ද රැගෙන ගොස් ඇති අතර අදාළ රිය අනතුර සඳහා මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයෙන් රු. ලක්ෂ දහයක රක්ෂණ මුදලක් ද ලබා ගෙන තිබේ.

එම මුදල ඇමතිවරයා විසින්ම ලබා ගෙන ඇති බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

අදාළ අනතුරින් රාජ්‍ය දේපළවලට හානියක් වූයේ නම් එය සංදීප්ගෙන් අයකරගත යුතු බව කියමින් ජාතික හෙළ උරුමය පොලිසියට පැමිණිල්ලක් ගොනු කළේ එවැනි පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස