පාඨලී තමන්ගේ දේශපාලන බලය ධනය යොදලා නීතිය නැව්වා! පාඨලීට නීතියෙන් ගැලවෙන්න උදව් කළ සියලු පොලිස් නිලධාරීන් නීතිය හමුවට ගේනවා! – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

December 20, 2019 at 8:20 am | by emanisa.lk

රාජගිරියේ රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ සැකකාර තුසිත දිලුම් කුමාර නොව පාඨලී චම්පක රණවක නමැති හිටපු අමාත්‍යවරයා බවට සාක්‍ෂි මඟින් තහවුරු වී ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (19) අධිකරණයේදී පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ පාඨලී චම්පක රණවක එම රථය පැදවූ බවට සාක්‍ෂිකරුවන් ප‍්‍රකාශ කළත් ඒ බව සටහන් නොකර අනතුර සිදුවන අවස්ථාවේදී අමාත්‍යවරයාගේ රියැදුරු රිය පැදවූ බවට සටහන් තබන ලෙසට එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අස්මඩල නමැති නිලධාරියා උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වීය.

එම නඩුවේ සැකකරුවකු වන තුසිත දිලූම් කුමාර නමැත්තා සහ ප‍්‍රධාන සැකකරුට එකී කුමන්ත‍්‍රණයට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් පාඨලී චම්පක රණවකට ඇප ලබාදීමක් සිදුකළහොත් විමර්ශනවලට බාධාවිය හැකි බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

පාඨලී චම්පක රණවකට නීතියෙන් ගැලවී යෑමට සහාය ලබාදී ඇති බව අනාවරණය වී ඇති සියලූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා විමර්ශන අවසන් වූ පසුව පාඨලී චම්පික රණවක හා ඔහුගේ රියැදුරු ඇතුළු පිරිසට එරෙහිව මහාධිකරණය හමුවේ පියවර ගන්නා බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.
එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පක ඔහු සතුව තිබූ දේශපාලන බලය හා ධන බලය යොදා ගනිමින් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවා ගැනීමට ක‍්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස